| බන්ධනාගාර ඇමති මැගසින් නිරීක්ෂණයක. |
| Friday, 27 January 2012 19:05 |
|
බන්ධනාගාර ඇමති මැගසින් නිරීක්ෂණයක. බන්ධනාගාරය තුල පාලන බලය රැදවියන්ට ලබා නොදෙන බව බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය චන්ද්‍රසිරි ගජධීර මහතා අවධාරණය කරනවා.අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කලා. වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප‍්‍රකාශ කලේ රැදවියන් වරදට යොමුවීම සදහා විවිධ හේතුකාරණා මූලික වී ඇති බවයි. මාධ්‍ය හමුවෙන් අනතුරුව අමාත්‍යවරයා මැගසින් බන්ධනාගාරය නිරීක්ෂණය කිරීම ද අමාත්‍යවරයා හැකිවුණා. එම අවස්ථාවට එක්වෙමින් මැගසින් බන්ධනාගාර අධිකාරි එමිල් රංජන් මහතා ප‍්‍රකාශ කලේ බන්ධනාගාරයේ ඇති වූ සිද්ධිය සැලසුම් සහගතව සිදුකරන ලද්දක් බවට සැකකරන බවයි. |