| දිවයින පුරා රෝහල් වල එක්ස්රේ පටල හිගයක් |
| Friday, 27 January 2012 19:03 |
|
දිවයින පුරා රෝහල් වල එක්ස්රේ පටල හිගයක් දිවයින පුරා රෝහල් වල එක්ස්රේ පටල හිගයක් පවතින බව සමස්ථ ලංකා සුව සේවා සංගමය චෝදනා කරනවා.එම සංගමයේ ප‍්‍රධාන ලේකම් ගාමිණි කුමාරසිංහ මහතා සදහන් කලේ පවතින එක්ස්රේ පටල හි`ගය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයකට පත්ව ඇති බවයි. එම ගැටලූව හේතුවෙන් එක්ස්රේ පටල පිටතින් මිලදී ගැනීමට රෝගීන්ට සිදුව ඇති බව ඔහු සදහන් කලා. ගාමිණී කුමාරසිංහ මහතා මේ බව සදහන් කලේ අද කොළඹ පැවති මාධ්‍ය හමුවක් අමතමින්. |