| අමෙරිකා - ඉරාන යුධ ගැටලූව පිළිබඳ සී.එස්.ටී. ඕ ප‍්‍රකාශයක්. |
| Thursday, 23 February 2012 07:03 |
|
අමෙරිකා - ඉරාන යුධ ගැටලූව පිළිබඳ සී.එස්.ටී. ඕ ප‍්‍රකාශයක්. අමෙරිකාව විසින් ඉරානයට එරෙහිව ප‍්‍රහාරයක් එල්ල කළ හොත් එය කලාපීය වශයෙන් ප‍්‍රබල ගැටලූකාරී තත්ත්වයක් දක්වා උද් ගත වන බවට අනාවැකි පලවී තිබෙනවා.යුරේසියානු හමුදා ගිවිසුම් සංගමයේ ප‍්‍රධාන ලේකම්වරයා විසින් නිකුත් කළ නිවේදනයේ ඒ පිළිබඳව වැඩිදුරටත් සඳහන් වුනා. ඔවුන් පෙන්වා දෙන්නේ තම රටවල සාමාජික පිරිස් පොදු එකඟතාවයකින් කටයුතු නොකිරීම එවැනි ගැටලූවලට හේතු වූ බවයි. අමෙරිකාව හා ඉරානය අතර යුධයමය වාතාවරණයක් ඇති විය නොහැකි බවත්, එසේ ඇති වුවහොත් එය කලාපය තුළ කම්පනය දනවන සිදු වීම් ගණනාවකට මුල් වන බව ද එම සංගමය පෙන්වා දෙනවා. |